කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට

0
කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට

කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය සිරුරෙහි සඟවා ගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොග‍යේ වටිනාකම රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් පමණ වන බවද සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47ක් වන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවක්.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන උගන්ඩාවේ කම්පාලා නුවරින් පිටත් වී කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ Q.R.- 664 දරන ගුවන් යානයෙන් (12) උදෑසන 09.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණය කරමින් මෙසේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇය පූර්ණ වශයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ඇය තම සිරුරෙහි සඟවා ගෙන තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක්, කරල් 21 ලෙස සකස් කර සිටියදී සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව අදාළ කාන්තාව තවත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි ලෙස සකස් කර ගිල දමා ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කරයි.

කෙසේ වෙතත් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com