අවුරුද්දට යන තැන් ගැන ෆේස්බුක් දාන්න එපා – පොලීසිය

0
අවුරුද්දට යන තැන් ගැන ෆේස්බුක් දාන්න එපා – පොලීසිය

අවුරුද්දට යන තැන් ගැන ෆේස්බුක් දාන්න එපා – පොලීසිය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

ඒ අනුව නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටිය යුතු වනවා.

තමන් නිවසේ නොසිටින බවට ලෝකයාට පැවසීම සොරුන්ට වාසියක් වනු ඇති බව පොලීසිය අවධාරණය කරයි

සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාහැරීමට කටයුතු කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් නගරයට පැමිණෙන ජනතාවගේ සහ ඔවුන්ගේ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මොණරාගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය සහ ප්‍රජා පොලිස් ඒකකය ඒකාබද්ධව පොදු ප්‍රවාහන බස් රථවලට ගොඩවී මගීන් සෘජුවම දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(12) සිදුකෙරුණා.

උත්සව සමයේ නගරයේ පවතින දැඩි තදබදයත් සමඟ අපරාධකරුවන් සක්‍රීය විය හැකි බැවින්, මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිස් නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන් නිවසින් බැහැරවී සිටින අවස්ථාවලදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව ඔවුන් අවධාරණය කළා.

– නිවසින් පිටවීමේදී දොරගුළු නිසි පරිදි පරීක්ෂා කිරීම සහ රන් භාණ්ඩ ඇතුළු වටිනා දේපළ ආරක්ෂිතව තැබීම.
– හැකි සෑම විටම නිවසේ අවම වශයෙන් එක් අයෙකු හෝ නතර කිරීමට උත්සාහ කිරීම.
– තමන් නිවසේ නොමැති බව අපරාධකරුවන්ට ඉඟි පළවන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල (Facebook/WhatsApp) ගමන් විස්තර පළ කිරීමෙන් වැළකී සිටීම.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com