අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට දැනුම්දීමක්

0
අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට දැනුම්දීමක්

අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට දැනුම්දීමක්

මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පවසන්නේ එලිමහනේ සිදුකරන ක්‍රිඩා කටයුතු උදැසන 10ට පෙර සිදුකර අවසන් කරන ලෙසය.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ ක්‍රිඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා,

“ඉදිරියේදී එන අවුරුදු උත්සවලදී තියෙන ගැටලුව තමයි ගමහරහා දිවීම, පාපැදි තරග ඇතුළු ජන ක්‍රීඩා තියෙනවා. එම උත්සව සංවිධාය කරන අයට කියන්න අපි කියන්න කැමතී ඒ සඳහා දවසේ සුදුසු වේලාව තොරාගන්න, එළිමහනේ හිරු එළියට නිරාවරණය වෙමින් කරන ක්‍රියාකාරකම් උදේ 10 වෙද්දි අවසන් කර ගන්න. හවස 3.00න් පස්සේ පටන් ගන්න හවස්වරුව. ඊළඟට අපි කරන්න අවශ්‍ය දේ තමයි. මේ වගේ අවස්ථාවකදී ක්‍රිඩාවන් සඳහා සහභාගීවන අය සජලනය වෙලා, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා ඉන්න ඕනේ. එළිමහනේ වැඩකරන කට්ටිය තේරුම් ගන්න ඕනේ අපි ආන්තික තාප අන්තරායක් අපිට වෙනවා කියලා. ඒක අදුරගන්න පුළුවන් එක දෙයක් තමයි අසාමන්‍ය විදිහට මස්පිඩු පෙරළීම. සාමන්‍යයෙන් අධික මහන්සියක් ඇතිවෙන්න පුළුවන්. මේ වගේ දේවල් දැනුන ගමන් ක්‍රීඩා සහ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වෙලා ආවරණයකට ගිහිල්ලා සිසිල් ජලය පානය කරලා තමන්ගේ ඇගේ උෂ්ණත්වය අඩුකරගන්න ඕනේ. අවුරුදු උත්සව සංවිධානය කරන අය දැන ගන්න අවශ්‍යයි සංවිධානය කරන තැන ආන්තික තාප අන්තරායවලින් ගැලවෙන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. සිසිල් ජලය, අයිස් කැට වැනි දෑ.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com