ගෑස් මිලත් ඉහළට
ගෑස් මිල ඉහළට
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 4765ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1910ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890ක්.
දක්වා ඉහළ ගොස් ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කරනවා.
මේ අතර, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක්
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280ක්
වන බවයි ලාෆ් ගෑස් සමාගම නිවේදනය කළේ.





