රු. 17,700,000 වටිනා විදෙස් දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
රුපියල් එක්කෝටි හැත්තෑ හත්ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතිකයන් දෙදෙනෙකු දුම්වැටි තොගය මෙරටට රැගෙනවිත් තිබෙන අතර තායිලන්තයේ බැංකොක්නුවර සිටයි ඔවුන් පැමිණ ඇත්තේ.
ගමන් මලු පහක දුම්වැටි එක්ලක්ෂ දහඅටදහසක් මෙසේ රැගෙනවිත් තිබේ.
