රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29ක් ජීවිතක්ෂයට
රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29ක් ජීවිතක්ෂයට
ක්රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ ගමන් කළ An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම ගුවන් යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද මියගිය පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොස්කව් වේලාවෙන් සවස 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇත.
තාක්ෂණික ගැටළු හේතුවෙන් යානය කඳු බෑවුමකට කඩා වැටී ඇති බවට විශ්වාස කෙරේ.




