මාර්තු මාසයේ කොළඹ උද්ධමනය ඉහළට
මාර්තු මාසයේ කොළඹ උද්ධමනය ඉහළට
අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2%ක් දක්වා වැඩි වී ඇත.
එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6%ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 0.7% දක්වා වැඩි වී ඇති අතර 2026 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ 0.2 %ක් ලෙසයි.
එමෙන්ම, 2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2.9%ක් දක්වා වැඩි වී ඇති අතර,2026 පෙබරවාරි මාසයේ දී 2.3%ක් ලෙස වාර්තා වී තිබේ.




