නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට
නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට
රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඒ මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකුද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.
ඔවුන් අද (31) දින සවස 04.20ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
දිවයිනට පැමිණි ඔවුන් දින 05ක් මෙරට රැදී සිටීමටද නියමිතය.




