වතුර බිල ගැන දැනුම්දීමක්

0
වතුර බිල ගැන දැනුම්දීමක්

වතුර බිල ගැන දැනුම්දීමක්

විදුලි ගාස්තු ඉහළ යාමේ හැකියාවක් ඇතත් ජලාශවල ජල මට්ටම පහළ බැස්ස ද, ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පෙන්වා දෙන්නේ විදුලි පිරිවැය ඉහළ යාම ජල ගාස්තුව කෙරෙහි සෘජුව බලපෑමක් නොකරන බවයි.

ඔහු ප්‍රකාශ කළේ, මණ්ඩලයේ සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් විදුලිය සඳහා වැය වන්නේ 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි.

ජල ගාස්තු සංශෝධනය කිරීම වසරකට දෙවතාවක් පමණක් සිදු වන ප්‍රතිපත්තියක් බවත්, වසරේ පළමු මාස හය තුළ කිසිදු ගාස්තු වෙනසක් සිදු නොකරන බවත් සභාපතිවරයා පැවසුවා.

ඒ අනුව, ජල ගාස්තු සම්බන්ධයෙන් යම් ඇගයීමක් සිදු කරන්නේ නම් එය ජූනි මස 30 වැනිදායින් පසුව පමණක් සිදුවනු ලබනවා.

මේ අතර, විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com