SMART වන අපේ දුම්රිය සේවය

0
SMART වෙන දුම්රිය සේවය

SMART වෙන දුම්රිය සේවය

CSRP ව්‍යාපෘතිය යටතේ දුම්රිය ටිකට් Online ආකාරයෙන් ලබාගැනීමේ පහසුකම පෙර සිටම පැවති අතර, පැරණි දුම්රිය ටිකට්පත් වෙනුවට නව ටිකට් පද්ධතියක් සහ ඒවා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සමඟ දිවයින පුරා සියලුම දුම්රිය ස්ථානවල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නියමු ව්‍යාපෘතියක් ලෙස, අප්‍රේල් මාසයේ දින කිහිපයක් තුළ කැලණිවැලි මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එමගින් මතුවන ගැටලු හඳුනාගෙන පළමුව මෙම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද, ඉන්පසු අනෙකුත් මාර්ගවලටද මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව, මඟී ජනතාවට පහසුව සැලසෙන තවත් විශේෂාංග සමග මෙම ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ පිළිබඳව කළ නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com