බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා

0
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය ඊයේ(27) නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවකට පෙනී සිටීම සඳහා අමාත්‍යවරයා ඊයේ(27) උදෑසන කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව පවරා ඇත්තේ 2015 වර්ෂයේදී ඔහු පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන්.

.එහිදී පෞද්ගලික සමාගමකට නීති විරෝධී ලෙස ලාභයක් හා වාසියක් ලබා දීමෙන් අල්ලස් පනතේ 70 (ආ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com