සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝග

0
සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝග

සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අප්‍රේල් 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම නියෝගය ලබා දුන්නේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර විසිනි.

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, විමර්ශනයට අදාළව සැකකරු මේ වනවිට රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටියද ඔහු මෙම නීති කෘත්‍යයේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති බැවින් නඩුව කැඳවන අවස්ථාවේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com