වියළි කාලගුණය හමුවේ ජලය අපතේ හැරීමෙන් වළකින්න – ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
වියළි කාලගුණය හමුවේ ජලය අපතේ හැරීමෙන් වළකින්න – ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
පවත්නා වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අධික නියගයත් සමග ජලාශ කිහිපයක ජලමට්ටම අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි නොමැති කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.
ඒ හේතුවෙන් කුණ්ඩසාලේ ප්‍රදේශයට ජලය ලබාදීමේ දී ගැටලු රැසකට මුහුණදීමට සිදු ඇති බවයි ජල සම්පාදන නිලධාරීන් පවසන්නේ.
මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් මහනුවර ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව එම නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ අතර අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් ජලය භාවිත කරන ලෙසත් නිකරුණේ ජලය අපතේ හැරීමෙන් වළකින ලෙසත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇතැම් ප්‍රදේශවලට අඩුපීඩනය යටතේ ජලය ලබාදීමට සිදුවිය හැකි බවයි එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසන්නේ.
අධික උණුසුම් කාලගුණය සමග විශේෂයෙන් දරුවන්ට ඇති වන සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.




