යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක්

0
යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක්

යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක්

යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති සහ ගැනීමට නියමිත පියවර ඇතුළත් වාර්තාවක් යාපනය මහ නගර සභාව විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වෛද්‍ය උමාසුකී නඩරාජා මෙනෙවිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම ඊයේ (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුව අදාළ වාර්තාව පරීක්ෂාවට ලක්කළ විනිසුරු මඬුල්ල අදාළ වාර්තාවේ අන්තර්ගත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා යාපනය මහ නගර සභාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අධිකරණය නියම කර ඇත.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා එම කටයුත්ත ඉටු කරන ලෙස වග උත්තරකරුවන්ට දැනුම්දුන් විනිසුරු මඬුල්ල එම කටයුතුවල ප්‍රගතිය ජූලි මස 14 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ඉදිරිපත්කර ඇති පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය ප්‍රදේශයේ කැලි කසල ඉවත් කිරීම සඳහා යාපනය මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම කසල ගිනි තැබීම තුළින් එම ප්‍රදේශයේ බරපතළ වායූ දූෂණයක් සිදුවී ඇති බවය.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යාපනය මහ නගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com