නැප්තා නොමැති වීම හේතුවෙන් රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්
නැප්තා නොමැති වීම හේතුවෙන් රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්
විදුලිය සඳහා භාවිතා කරන නැප්තා නොමැති වීම හේතුවෙන් ඉදිරියට විදුලිය රාත්‍රී කාලයේ දී ලබා දෙන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.
එළැඹෙන මාර්තු මස 24 සහ 25 දිනයන්හි පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව නොපැමිණීම හේතුවෙන් පිරිපහදු කිරීමට සිදු වන්නේ ලබන මස මැදක් වනතුරු පමණක් හේතුවෙන් දැවිතෙලි සහ නප්තා නොමැති වන බවත් මේ හේතුවෙන් විදුලිය සම්බන්ඳ බරපතළ ගැටලුවක් මතුවන බවත් ඩී.ජේ රාජකරුණා මහතා වැඩි දුරටත් පවසා සිටිනවා.
ඒ ඊයේ (22) විදුලි බිල ඉහල යාම සම්බන්ඳයෙන් පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ඳ අවසන් තීරණය එළැඹෙන අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශට පත් කරන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ලෝක වෙළඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිබිල වැඩි කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.




