නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

0
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ නගරයේ ඉදි කරන ලද ”සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයේ නිවාස 22ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22ක් සඳහා 2014 වර්ෂයේදී වෙන්කර දීමේ දුෂණ චෝදනාව මත මෙම විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව කොළඹ නගරයේ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ආරම්භ කරන ලද “නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ ඉදිකළ “සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයට අදාළව මෙම වංචාව සිදුව තිබූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට සඳහන් කර තිබුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com