ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්

0
ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්

ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්

මෙරට මතුව ඇති ඉන්ධන අර්බුධය හේතුවෙන් තැපැල් ‌දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවහානය කිරීම දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ.

දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනයක් හැර දිනයක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය කිරීම නතර කිරීමටත් තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ.

ඉන්ධන මිල ඉහල යාමත් සමග තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමණාකරණය කිරිමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත්, මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් දෙපරේතමේන්තුවේ වාහන වලින් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් තැපැල් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එතුමා පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පැවසුවේ තැපැල් කාර්යාල විවෘත කිරීම බදදා සහ ඉරිදා දිනවල හැර අන් සෑම දිනයකම සිදුවන බවත් ඒ අනුව පරිභෝගිකයින්ට සිය තැපැල් භාන්ඩ තැපැල් කාර්යාල වෙත ලබාදීමේ හැකියාව පවතින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com