ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක දින 30කට ඉවතට

0
ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක

ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා ඇත්තේ, නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවය.

කෙසේ නමුත් මෙම සම්බාධක ඉවත්වන්නේ දින 30ක කාලයක් සඳහා පමණක් බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව සලකාබලමින් සිටින බව විදෙස් මාධ්‍ය (20) වාර්තා කළේය.

මෙම තීරණය ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහි අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති බවත්, එමඟින් ඉරානයට අවිනිශ්චිත ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති බවත් අදාළ වාර්තා පෙන්වා දුන්නේය.

ඉරානයට පනවා තිබූ මෙම සම්බාධක හේතුවෙන් චීනය සුවිශාල වට්ටම්වලට ඉරාන තෙල් ලබාගත් බවත් එහි සඳහන් විය.

ඒ අනුව ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත්කිරීමත් සමග දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහත වැටෙනු ඇති බවට අමෙරිකාව ඇස්තමේන්තු කර ඇත.

අමෙරිකාව පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමටත් කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com