Online වංචා­වල යෙදුණු විදේ­ශි­ක­යන් 134ක් අත්අ­ඩං­ගු­වට

0
Online වංචා­වල යෙදුණු විදේ­ශි­ක­යන් 134ක් අත්අ­ඩං­ගු­වට

Online වංචා­වල යෙදුණු විදේ­ශි­ක­යන් 134ක් අත්අ­ඩං­ගු­වට

චීන ජාති­ක­යන් පිරි­සක් අනු­රා­ධ­පුර සහ මිහි­න්ත­ලය ප්‍රදේ­ශ­වල ලැගු­ම්හල් කිහි­ප­යක සැක කට­යුතු ලෙස රැඳී සිටි­මින් මාර්ග­ගත (Online Scams) ඔස්සේ පව­ත්වා­ගෙන ගිය මහා පරි­මාණ වංචා­වක් සම්බ­න්ධ­යෙන් යුද හමුදා බුද්ධි අංශ­යට ලද තොර­තු­ර­කට අනුව ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් සඳුදා (16) එවැනි ස්ථාන 05ක් වටලා විදේ­ශි­ක­යන් 134 දෙ‍නෙක්, දුර­ක­තන හා පරි­ග­ණක උප­ක­රණ රැසක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

චීන ජාති­ක­යන් 126ක්, මිය­න්මාර් ජාති­ක­යන් 04 හා තායි­වාන් ජාති­ක­යන් 04ක් අත්අ­ඩං­ගු­වට ගත් විදේ­ශි­ක­යන් අතර සිටින බව ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

පුද්ග­ල­යන් රවටා මුදල් වංචා කිරී­මට යොදා­ගත් ලැප්ටොප් පරි­ග­ණක 96ක්, ජංගම දුර­ක­තන 194ක්, මේස මත තබන පරි­ග­ණක 35ක් ඇතුළු තවත් තාක්ෂ­ණික උප­ක­රණ රැසක්ද නිල­ධා­රීන් භාර­යට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අන්ත­ර්ජා­ලය ඔස්සේ මූල්‍ය වංචා­වල නිරත වූ බවට ලැබුණු තොර­තුරු මත වැඩි­දුර පරී­ක්ෂණ ආරම්භ කර ඇති බව ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය.

යුද හමුදා බුද්ධි අංශ­යට ලැබුණු රහ­සි­ගත තොර­තු­ර­කට අනුව ක්‍රියා­ත්මක වූ බුද්ධි නිල­ධා­රීන් සහ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් ඒකා­බ­ද්ධව අනු­රා­ධ­පුර නග­රය සහ මිහි­න්තලේ ප්‍රදේ­ශ­වල පිහිටි ලැගු­ම්හල් පහක් තුළ මෙම විශේෂ වැට­ලීම් සිදු කර ඇති බව ආග­මන විග­මන නිල­ධා­රි­යකු සඳ­හන් කළේය.

මෙම විදේ­ශි­ක­යන් ලැගු­ම්හල් එක­වර මුදල් ගෙවා ලබා­ගෙන පිට­ස්තර කිසි­ව­කු­ටත් එහි ඇතු­ළු­වී­මට තහ­නම් කර­මින් ‍ෙමම වංචා­වන් සිදු­කර ඇති බව පෙනී ගොස් ඇත. කණ්ඩා­යම් වශ­යෙන් රටින් රට සංචා­රය කර­මින් මෙම පිරිස වංචා­වල නිර­තව සිටින බවද පෙනී ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com