සිකුරාදා නැතුව බදාදා නිවාඩු දීපු හේතුව

0
සිකුරාදා නැතුව බදාදා නිවාඩු දීපු හේතුව

සිකුරාදා නැතුව බදාදා නිවාඩු දීපු හේතුව

සෑම සතියකම බදාදා දින රජයේ නිවාඩුවක් බවට පත් කිරීමට හේතුව සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අදහස් පල කර තිබුණා.

ඒ ඊයේ (17) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාක්ච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු පවසා සිටියේ, සිකුරාදා දිනවලදී එම රජයේ නිවාඩුව ලබාදීමක් සිදු කළහොත් ඉන්පසුව එන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද රජයේ ආයතනවල කටයුතු සිදු නොකරන බැවින් කාර්යාල කටයුතු පවත්වාගෙන යෑම සඳහා එමඟින් බලපෑමක් සිදුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ,

“සිකුරාදා, සෙනසුරදා, ඉරිදා නිවාඩු දුන්නොත් එහෙම අපිට කාර්යාල කටයුතු පවත්වාගෙන යෑමේදී බලපෑමක් තියනවා. දැන් බදාදා නිවාඩු දුන්නොත් එහෙම රජයේ කටයුතු දවස් කිහිපයක් එක දිගට ඇන හිටින්නේ නැහැ. සඳුදා අඟහරුවදා වැඩ කරනවා බදාදා නිවාඩු බ්‍රහස්පතින්දා, සිකුරාදා වැඩකරනවා සමහර කාර්යාල සෙනසුරාදා වරුවක් වැඩකරනවා ඊට පස්සේ සෙනසුරාද, ඉරිදා නිවාඩු. ඒ අනුව දවස් දෙකක් වැඩකරනවා එක දවසක් නිවාඩු දෙනවා. අපිට අවශ්‍යයි රජයේ කාර්යාල අඛණ්ඩව වසා ගැනීමකින් තොරව ඒවා විවෘතකර තබා ගනිමින් මහජන සේවය සලසන්න. ඒ නිසා තමයි බදාදා නිවාඩු දුන්නේ…”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com