ඉතාලි සිහින පෙන්වා රුපියල් ලක්ෂ 26ක් වංචා කළ කත අත්අඩංගුවට

0
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඉකුත් ඉරිදා දින (14) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහා කළද ඇය, ලිපිනයන් වෙනස් කර තිබීම හේතුවෙන් අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී තිබේ

ඒ අතර අදාල කාන්තාව මහනුවර, කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් මහනුවර පොලිස් ස්ථානයේද සහයෝගය ලබාගනිමින් අවුරුදු 49 වියැති අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේත්‍රාත්වරයා නියෝග කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *