ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

0
ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් – විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපය තුළ ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වීම වහාම සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින අතර ගෝලීය සාමයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාව සඳහන් කරයි.

මෙලෙස උග්‍රවන ගැටුම සිවිල් වැසියන්ට සෘජු තර්ජනයක් වන අතර එය දැනටමත් ඛේදජනක ජීවිත හානිවලට හේතු වී තිබේ

ශ්‍රී ලංකාව සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාර හෙළා දකින අතර, සියලු පාර්ශ්වයන්ගේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ මූලික වගකීමක් බව අවධාරණය කරනවා.

බරපතල මානුෂීය අර්බුදය සහ ගෝලීය ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින්, ලොව පුරා රටවලට බලපෑ හැකි වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා රජය සඳහන් කරනවා.

ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට ගරු කිරීමේ අවශ්‍යතාවයද ශ්‍රී ලංකාව නැවත අවධාරණය කර සිටිනවා.

සියලුම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඇති කැපවීම අවධාරණය කරමින්, තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා උපරිම සංයමයක් ක්‍රියාත්මක කර සාකච්ඡාවලට නැවත පැමිණෙන ලෙස මෙම ගැටුමට සම්බන්ධ වූ සියලුම පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙ.

අර්ථවත් සංවාදයක නිරත වන ලෙසත්, කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ ආතතීන් අවම කිරීමට තීරණාත්මක පියවර ගන්නා ලෙසත් රජය සියලු පාර්ශ්වයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com