යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3ක් – ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්

0
යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3ක් - ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්

යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3ක් - ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්

කලාපීය යුද ගැටුම් අවසන් කර සාමය උදා කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාව සහ මේ හා සම්බන්ධ සෙසු පාර්ශ්වයන් සාමය ඇති කිරීමේදී ඉරාන රජයේ ස්වෛරීභාවය සහ එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් ජාත්‍යන්තර මට්ටමින් නිසි ලෙස පිළිගත යුතු වීම, යුද ගැටුම් හේතුවෙන් සිදුවූ අලාභහානි සහ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම, අනාගතයේදී මෙවැනි ආකාරයේ කිසිදු ආක්‍රමණයක් හෝ ප්‍රහාරයක් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම යනාදී කරුණු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එමෙන්ම සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com