වාහන අංක තහඩු නිකුත් කිරිමේ ක්‍රමවේදය පිලිබඳව දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

0
වාහන අංක තහඩු නිකුත් කරන විදිහ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු නිකුත් කරන විදිහ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුත්ත නව පෞද්ගලික සමාගමකට පැවරීම සඳහා වූ නිල ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (10) සිදු වුණා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරුණා.

මෙම නව ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන තුනක් පමණ වන අතර, වසර පහක කාලසීමාවක් සඳහා අදාළ සමාගම වෙත අංක තහඩු මුද්‍රණය කිරීමේ බලය පවරා තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, වේරහැර පිහිටි දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ වැඩි ඉඩකඩක් සහිතව මෙම මුද්‍රණ කටයුතු ස්ථාපනය කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය මූලික ඉදිකිරීම් කටයුතු අදාළ සමාගම විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර, මුද්‍රණ යන්ත්‍ර ආනයනය කිරීමේ කටයුතු ද ඉදිරි සති තුන ඇතුළත අවසන් කිරීමට නියමිතයි.

පසුගිය මාස දහයක පමණ කාලය තිස්සේ අංක තහඩු මුද්‍රණය කිරීම තාවකාලිකව නතර වී තිබූ බැවින් විශාල වැඩ ප්‍රමාණයක් ගොඩගැසී පවතින බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ගිවිසුමට අනුව වැඩ ආරම්භ කිරීමට මාස තුනක කාලයක් හිමි වුවද, පවතින හදිසි තත්ත්වය සලකා බලා අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතිය වන විට මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙම ගිවිසුම අත්සන් කිරීම දක්වා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ගත වී ඇති අතර, එය කැබිනට් අනුමැතිය සහ නීතිපතිවරයාගේ උපදෙස් මත පූර්ණ නෛතික පදනමකින් යුතුව සිදු කර ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com