අත්අඩංගුවට ගත් සජින් වාස් ගුණවර්ධනට රිමාන්ඩ්
සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ගැන නියෝගයක්
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන එලැඹෙන මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
රුපියල් මිලියන 243.8ක නීති විරෝධි වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව අල්ලස් කොමිසම විසින් ඊයේ (09) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ සජින් වාස් ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
කෙසේ නමුත්, අල්ලස් කොමිසම විසින් අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්, අසංග එස් බෝදරගම විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.




