බේරාගත් ඉරාන නැවියන් ගැන රජයේ ස්ථාවරය

0
බේරාගත් ඉරාන නැවියන් ගැන රජයේ ස්ථාවරය

බේරාගත් ඉරාන නැවියන් ගැන රජයේ ස්ථාවරය

ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

නවදිල්ලියේ පැවැති රයිසිනා සංවාද සංසදයේදී මේ සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරන බවයි.

ඉකුත් බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමා තිබුණා.

ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබුවා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් ගත කෙරුණා.

මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් දෙවෙනි නෞකාව වන ‘IRIS Bushehr යුද නෞකාවද පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පසුගියදා පැමිණ තිබුණා.

ඒ තමන් ඇතුළු පිරිසට මෙරට සීමාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමින්.

ඒ අනුව නෞකාවේ ‍කාර්ය මණ්ඩ‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.

එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙනගොස් තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com