ව්‍යාජ තෑගි ඔප්පුවක් හැදූ නීතිඥවරියකට වසර 06ක සිරදඬුවමක්

0
ව්‍යාජ තෑගි ඔප්පුවක් හැදූ නීතිඥවරියකට වසර 06ක සිරදඬුවමක්

ව්‍යාජ තෑගි ඔප්පුවක් හැදූ නීතිඥවරියකට වසර 06ක සිරදඬුවමක්

කූට ලේඛන සකස් කරමින් තෑගි ඔප්පුවක් ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක සිරදඬුවමක් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඊයේ (05) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

විත්තිකාරියට එරෙහිව එල්ල වූ චෝදනා දෙකට වසර 06 බැගින් වසර 12ක ලිහිල් සිරදඬුවම් නියම වූ අතර, එය එකවර ගෙවී යන පරිදි වසර 06ක සිරදඬුවමක් ලෙස ක්‍රියාත්මක වේ.

වරදකරු වූයේ 61 හැවිරිදි වියේ පසුවන, දෙදරු මවක වන ප්‍රසිද්ධ නීතිඥ සහ නොතාරිස්වරියක්.

2010 වසරේදී බොරැල්ල ප්‍රදේශයේ ඉඩමකට අදාළව ව්‍යාජ තෑගි ඔප්පුවක් සකස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇයට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, විත්තිකාරියට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බව විනිසුරුවරිය නිගමනය කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com