ධීවර කටයුතුවල නිරත වන අයට විශේෂ දැනුම්දීමක්
ධීවර කටයුතුවල නිරත වන අයට විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලබයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
අමෙරිකානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වූ ඉරාන යුද නෞකාව සහ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මේ වන විට ස්ථානගත කර ඇති අනෙක් ඉරාන නෞකාව සම්බන්යෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටි මුහුදේ දී අමෙරිකාව විසින් සබ්මැරීනයක් ආධාරයෙන් පහර දී ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කරන ලදි.
ඒ අනුව එම මුහුදු සීමාවේ මේ වන විට සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.




