මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

0
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

කම්කරු අරගල මධ්‍යස්ථානයේ විරෝධතාවක් අතරතුර 2023 අගෝස්තු 28 වැනිදා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළ නඩුව ඊයේ (03) යළිත් කැඳවනු ලැබිනි.

ඒ අනුව, පහරදී අත්අඩ‍ංගුවට ගැනීමට එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීන්දු කළා.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් වාර්තා කිරීමෙන් පසු ත්‍රීරෝද රියකින් ගමන් කරමින් සිටියදී එයින් එළියට ඇද, පහර දී අත්අඩංගුවට ගෙන තිබුණේ, 2023 ජුලි 28 වැනිදායි.

ඉන් අනතුරුව 2023 ජුලි 29 වැනිදා ඔහුව ඇප මත මුදාහරින්න නියෝග කළා.

ඒ අනුව, සිදුවීමට එරෙහිව ඔහු විසින් 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර, එම පැමිණිල්ල විභාග නොකළ නිසා 2024 ජුනි 11 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com