අමෙ­රි­කානු හමු­දාව ඉන්දීය සාග­ර­යේදී 3වැනි තෙල් නැවත් අල්ලයි

0
අමෙ­රි­කානු හමු­දාව ඉන්දීය සාග­ර­යේදී 3වැනි තෙල් නැවත් අල්ලයි

අමෙ­රි­කානු හමු­දාව ඉන්දීය සාග­ර­යේදී 3වැනි තෙල් නැවත් අල්ලයි

සම්බා­ධ­ක­ව­ලට ලක්වී ඇති වෙනි­සි­යු­ලාවේ සිට කැරී­බි­යන් මුහුද ඔස්සේ යාත්‍රා කළ ඉන්ධන නෞකා­වක් අමෙ­රි­කානු නාවික හමු­දාව විසින් ඉන්දීය සාග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව පෙන්ට­ග­නය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් එරට ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ කැරි­බි­යන් මුහුදේ සිට හඹා ගොස් එම නෞකාව අත්අ­ඩං­ගු­වට ගත් බවය. පසු­ගිය මාස­යේදී ජනා­ධි­පති නිකො­ලස් මදුරෝ අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු වෙනි­සි­යු­ලා­වෙන් පිට වන සහ ළඟා වන සිය­ලුම තෙල් නෞකා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අමෙ­රි­කාව පිය­වර ගෙන ඇති අතර, ඉන්දීය සාග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගත් තුන්වැනි ඉන්ධන නෞකාව මෙය බවද වාර්තා වේ.

පසු­ගිය ජන­වා­රියේ මුල් භාග­යේදී වෙනි­සි­යු­ලාවේ සිට ගමන් ආරම්භ කර ඇති බව කියන එම නෞකාව තුළ බොර­තෙල් බැරල් මිලි­යන 1.9ක් තිබූ බවද වාර්තා වේ. පෙන්ට­ග­නය සඳ­හන් කර ඇත්තේ බර්තා නමැති එම ඉන්ධන නෞකාව චීනය බලා යාත්‍රා කර­මින් තිබූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com