කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

0
කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කෙරවලපිටිය-ඇළකන්ද මාර්ග කොටස සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කෙරවලපිටිය කර්මාන්ත කලාපය මැදින් පිහිටි, කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ සිට ඇළකන්ද මාර්ගය දක්වා වන කිලෝමීටර 2.2ක් පමණ දිගු මාර්ග කොටස යළි සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප්‍රදේශයේ සංවර්ධනය කළ අක්කර 400ක පමණ භූමි ප්‍රදේශයක ලිට්‍රෝ ගෑස් සමාගම, ඛනිජතෙල් පර්යන්ත සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපෘති ගණනාවක් ස්ථාපිත කර ඇත. එම කර්මාන්ත කලාපයට අධිවේගී මාර්ගයට ප්‍රවේශයක් ලෙස මෙම මාර්ග කොටස භාවිත කෙරේ.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2021 වර්ෂයේදී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබුණද, රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත.

දැනට දැඩි ලෙස අබලන්ව පවතින එම මාර්ග කොටස කඩිනමින් ගමනාගමනයට සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඉන් අනතුරුව දීර්ඝකාලීන විසඳුමක් ලෙස එය පුළුල් කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් සිදුකර මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇත.

මෙම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com