ජනවාරි මස සංචාරක පැමිණීම 9.7%කින් ඉහළට

0
ජනවාරියේ සංචාරක පැමිණීම 9.7%කින් ඉහළට

ජනවාරියේ සංචාරක පැමිණීම 9.7%කින් ඉහළට

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සියයට 9යි දශම 7කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී විදෙස් සංචාරකයන් දෙලක්ෂ පනස්දෙදහස් හත්සිය හැටඑක්දෙනෙකු පැමිණ ඇති අතර මෙම වසරේ ජනවාරි මාසයේ දී එම සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑහත්දහස් තුන්සිය විසිහතක් වනවා.

අදාළ කාලයේ දී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එය පනස්දෙදහස් හැටඑකක් වනවා.

ඇමෙරිකාවෙන් විසිනවදහස් පන්සියහතලිස් දෙනෙකු, රුසියාවෙන් විසිහත්දහස් එකසිය තිස්හතර දෙනෙකු මෙන්ම ජර්මනියෙන් දාහත්දහස් හත්සියහැත්තෑ හයදෙනෙකු මෙරටට පැමිණියා.

සබරගමුව පළාතේ දෙස් විදෙස් සංචාරක ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.

රත්නපුරේ දී මෙහි සමාරම්භක සාකච්ඡාව පැවැත්වුණා.

මෙම වසරේ දී මෙරට සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක් වෙන් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com