ඊශ්‍රායලය වසර 59කට පසු බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචිය යළි අරඹයි
ඊශ්‍රායලය වසර 59කට පසු බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචිය යළි ආරම්භ කරයි
ගාසා තීරයේ බටහිර ඉවුරේ අත්පත් කරගත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වසර 59කට පසු යළි ආරම්භ කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
මේ ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් පලස්තීනුවන් නෙරපා හැරීමට සහ අවතැන් කිරීමට ගන්නා උත්සාහයක් බවට ඊශ්‍රායලයේම මානව හිමිකම් සංවිධාන චෝදනා කර ඇතැයිද වාර්තා වේ. ඉඩම්වල හිමිකාරීත්වය නිරවුල් කිරීමක් ලෙස හඳුන්වමින් ඊශ්‍රායල මුදල් ඇමැති බෙසෙලල් ස්මොට්රිච්, අධිකරණ ඇමැති යාරිව් ලෙවින් සහ ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඊට ඊශ්‍රායල රජයේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 1967දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් පලස්තීනය සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචිය අත්හිටුවූ ඊශ්‍රායලය නැවත සිය ජනාවාස පුළුල් කිරීමට තීරණය කිරීම පලස්තීනුවන්ගේ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලියට නීතිමය අයිතිවාසිකම් ලබාගැනීමක් බව ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන බිම්කොම් සංවිධානය නිවේදනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
