හිටපු ඇමතිවරු පරිහරණය කරන ලද නිල නිවාසවල උසාවි පිහිටුවීමට පියවර
හිටපු ඇමතිවරු පරිහරණය කරන ලද නිල නිවාසවල උසාවි පිහිටුවීමට පියවර
හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ,හර්ෂණ නානායක්කාර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
හිටපු දේශපාලනඥයන් පරිහරණය කළ සුඛෝපභෝගී නිල නිවාස පොදු මහජන යහපත පිණිස, විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන අධිකරණ පද්ධතියේ ප්‍රසාරණය සඳහා යොදා ගැනීම සුවිශේෂී තීරණයකි. මෙලෙස පවරා ගත් නිවාස අධිකරණ සංකීර්ණ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හරහා නව ගොඩනැගිලි ඉදිකිරීමට වැය වන විශාල පිරිවැයක් ඉතිරි කර ගැනීමට ද රජය අපේක්ෂා කරයි.
විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඉකුත් බ්‍රහස්පතින්දා දින(12) සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර තිබේ.
දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබේ.
ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව පැවසේ. අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසය තුළ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර, තවදුරටත් අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදු කර තිබේ.
අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක B 108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය කොළඹ 07 යන ස්ථානයන්හි පිහිටි හිටපු අමාත්‍ය නිල නිවාස ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් ව ඇති අතර, එම නිල නිවාසවල අධිකරණ පිහිටුවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර ඇත.
හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් නිල නිවාසවල උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ,හර්ෂණ නානායක්කාර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.




