Gov Pay වසරක් සපුරයි; බිලියන 2.7කට අධික ඩිජිටල් ගණුදෙනුවක්

0
Gov Pay වසරක් සපුරයි; බිලියන 2.7කට අධික ඩිජිටල් ගණුදෙනුවක්

Gov Pay වසරක් සපුරයි; බිලියන 2.7කට අධික ඩිජිටල් ගණුදෙනුවක්

මෙරට ඩිජිටල් පාලන ගමනේ දැවැන්ත පියවරක් තබමින් ගව් පේ පද්ධතිය හඳුන්වාදී වසරක් සපිරෙනවා.

මේ වන විට රුපියල් බිලියන 2.7කට අධික ඩිජිටල් ගණුදෙනු ප්‍රමාණයක් ගව්පේ පද්ධතිය හරහා සිදුව තිබෙනවා.

මෙම පද්ධතිය තුළින් සාර්ථක ප්‍රතිඵල රැසක්ම අත්කර ගැනීමට හැකි වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයේ මීට වසරකට පෙර ගෙව්පේ පද්ධතිය සිය මෙහෙයුම් ආරම්භ කළේ රජයේ සේවාවන් සමග පුරවැසියන් ගණුදෙනු කරන ආකාරය සරළ හා කාර්යක්ෂම කරමින් වඩාත් වේගවත්, විනිවිද පෙරෙනන සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීමක් සහතික කිරීම සදහා ගව්පේ පද්ධතිය මේ වන විට රාජ්‍ය අංශයේ දැවැන්ත විප්ලවයක් සිදු කර තිබේ.

රාජ්‍ය ආයතන 252 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව මෙයට සම්බන්ධ වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අන්තර්ජාලය ඔස්සේ ඕනෑම තැනක සිට සේවාවන් දහස් ගණනක් ලබා ගැනීමේ පහසුව පුරවැසියාට හිමිවීම හරහා රාජ්‍ය අංශය තුළ විශ්වාසය /ඇතුළත් කිරීම සහ කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් වී තිබේ.

සමස්ත ලංකා රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය හඳුන්වාදීම ව්‍යාපෘතිය ලැබූ තවත් ජයග්‍රහණයක්.

දිට්වා සුළිකුණාටුවේදී සහන සැළසීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් ආරම්භ කළ රී බිල්ඩින් ශ්‍රී ලංකා ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙලද ගව් පේ පද්ධතිය සක්‍රීය දායකත්වයක් ලබා දි තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com