ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි

0
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවී තිබෙන පුරප්පාඩුව සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ‘ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද එළඹෙන (20) දින හෝ එදිනට පෙර,යොමු කර යුතුව තිබෙනවා.

අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුයි.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළයුතු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com