කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි
කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි
මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාව සඳහා කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කර තිබෙනවා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතාගේ ප්‍රධානත්වයෙන්.
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය ඉදිකෙරුණේ රජයේ මූල්‍ය දායකත්වය යටතේයි.
මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා යොමුකෙරෙන ජල සාම්පල පරීක්ෂා කර ඒවා ජනතා පරිභෝජනයට සුදුසු දැයි පරීක්ෂා කිරීම මෙමගින් සිදුකරයි.
මෙම විද්‍යාගාරය තවත් පුළුල් සහ විධිමත් කරමින් ආහාර සාම්පල පරීක්ෂා කිරීමටද බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා මෙහිදී පැවසීය




