සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ සමන් ඒකනායක මහතා පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර, එහිදී ඔහු ඊයේ දින (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබුණා.
ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දි තිබේ.



