මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට අයත් කෝටි ගාණක නිවසක් තහනම් කෙරේ

0
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට අයත් කෝටි ගාණක නිවසක් තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට අයත් කෝටි ගාණක නිවසක් තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් ‘දීගල සමන්’ නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබෙනවා.

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අදාළ නිවස පිහිටා ඇත්තේ, අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේයි.

පොලීසිය පැවසුවේ, එම නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදීගෙන දී ඇති බවයි.

සැකකරුට එම නිවස මිලදීගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පැහිදිලි කිරීම නොහැකිවීම හේතුවෙන් පොලීසිය සැකපලකරන්නේ එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති බවටයි.

ඒ අනුව අදාළ නිවස තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com