අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ චූදිතයන් 12 දෙනෙකුට මරණ දඬුවම
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ චූදිතයන් 12කට මරණ දඬුවම
නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
සෙසු සැකකරුවන් 23 දෙනා නිදොස් කොට නිදහස් කර ඇත.
2022 මැයි 09වැනිදා නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2023 වසරේදී මෙම නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එය පෙබරවාරි 11 වනදා දක්වා කල්තැබීමට විනිසුරු මඬුල්ල එදින කටයුතු කළේය.



