හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය
හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය
තමන්ට නියම වූ බරපතල වැඩ සහිත සිර දඬුවම නීතියට පටහැනි බව පවසමින් විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, අභියාචනාධිකරණය ලබා දුන් දඬුවම් නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු විසින්.
2006 වසරේ මාර්තු මස 03 වන දින දැදුරුඔයේ නීතිවිරෝධී වැලි ජාවාරමක නිරතව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.
එහිදී රස්නායකපුර එවකට පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස පහරදී ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ අතර, මෙම විත්තිකරුවන්ට දඬුවම් නියම වූයේ සිද්ධිය සිදුවී වසර 22කට පසුව වීම විශේෂත්වයක්.




