කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

0
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඉකුත් සිකුරාදා දින (06) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අනාවරණය වුවේ මොහු කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන 28 හැවිරිදි අයෙක් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 642ක ප්‍රමාණය පැකැට් 04 ක් ලෙස සකස් කර සගවා ගෙන ආ බවට අනාවරණය වේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකාර ගුවන් මගියා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com