තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදා මුදල් එකතු කිරීමේ ජාවාරමක්

0
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදාගෙන මුදල් එකතු කිරීමේ ජාවාරමක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදාගෙන මුදල් එකතු කිරීමේ ජාවාරමක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන බව සඳහන් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුළ සහ වට්සැප් සමූහ තුළ සංසරණය වේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය එලෙස කිසිදු විදෙස් රැකියා ලබා දීමක් සිදු නොකරන අතර, මුදල් එකතු කිරීමක්ද සිදු නොකරන බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙය අමාත්‍යංශයේ නම අවභාවිතා කරමින් කුමන හෝ ජාවාරම්කාර පාර්ශවයක් විසින් සිදු කරගෙන යන කූඨ ව්‍යාපාරයක් වන අතර, එයට අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අවධාරණය කර ඇත.

මේ පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ජනතාවගෙන් සහ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටි.

එම පුවත සමග තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකුගේ යැයි සඳහන් කරන බැංකු ගිණුම් අංකයක් ද සංසරණය වන අතර, එවැනි ගිණුම් සඳහා මුදල් යොමු නොකරන ලෙසත්, මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශයේ ලෙස අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන බවත් දැනුම් දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com