උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන්ට බිමල්ගෙන් උත්තරයක්

0
උපවාසයේ ඉන්න සංවර්ධන නිලධාරීන්ට බිමල්ගෙන් උත්තරයක්

උපවාසයේ ඉන්න සංවර්ධන නිලධාරීන්ට බිමල්ගෙන් උත්තරයක්

මින් ඉදිරියට කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විනිවිදභාවයකින් යුත් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන බව බිමල් රත්නායක මහතා පවසයි.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.

අතීතයේ පැවති පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයන් විවේචනය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් අමාත්‍යවරුන් ලැගුම්හල්වල සිට පවා ගුරු පත්වීම් ලබාදී ඇති බවයි.

වත්මන් විපක්ෂ නායකවරයාගේ පියාගේ පාලන සමයේදී පවා කිසිදු සුදුසුකමක් නොබලා මෙලෙස පත්වීම් ලබාදී ඇතැයි පැවසූ බිමල් රත්නායක මහතා, එම ක්‍රමවේදය නිසා පත්වීම් ලැබූ ගුරුවරුන් අදටත් වෘත්තීය ගැටලුවලින් පීඩා විඳින බව එහිදී පෙන්වා දෙන ලදි.

එමෙන්ම වත්මන් රජය යටතේ සෑම බඳවා ගැනීමක්ම නීතිමය රාමුවක් තුළ සිදුකිරීමට පියවර ගෙන ඇති බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන් බඳවා ගත හැක්කේ තරග විභාගයකින් පමණක් බවත් ඔහු අවධාරණය කළා.

“විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට උසස් පෙළ සමත්වී Z-Score එකක් තිබිය යුතු සේම, ගුරු සේවයට ඇතුළු වීමටද නියමිත සුදුසුකම් සපුරා තිබීම අනිවාර්යයි. ඒ නීතිය වෙනස් කිරීමට රජයට අවශ්‍යතාවයක් නැහැ.”

කෙසේවෙතත් උපවාසයේ නිරත සංවර්ධන නිලධාරීන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර රාශියක් පවත්වා ඇති බවයි.

ඇතැම් නිලධාරීන් විසඳුමක් නොලැබුණහොත් විභාගයට පෙනී සිටීමට සූදානම් බව පවසන අතර, එය නිවැරදි ප්‍රවේශය බව බිමල් රත්නායක මහතා කියා සිටියා.

එමෙන්ම රජය මෙතෙක් කිසිදු දේශපාලන පත්වීමක් සිදුකර නොමැති බවත්, තනතුරුවලට හිතවතුන් හෝ ගෝලයෝ පත් කර නොමැති බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක් පැවතියේ නම් මේ වන විට දැඩි දේශපාලන පළිගැනීම් සිදුවනු ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com