ශ්‍රී ලංකාවට ඉන්දීය අයවැයෙන් රු.බි 04ක් වෙන් කරයි

0
ශ්‍රී ලංකාවට ඉන්දීය අයවැයෙන් රු.බි 04ක් වෙන් කරයි

ශ්‍රී ලංකාවට ඉන්දීය අයවැයෙන් රු.බි 04ක් වෙන් කරයි

2026 වසර සඳහා වූ ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කර තිබේ.

ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා නොබිදෙන මිතුදම තව තවත් තහවුරු කරමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය යටතේ 13වන අයවැය ඊයේ දින (01) ඉන්දීය පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඉදිරිපත් කළාය. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ අඛණ්ඩව ඉදිරිපත් කළ 9වන අයවැය මෙයවේ.

ඉන්දීය ඉතිහාසයේ ඉරිදා දිනයකදී අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාවද මෙයයි. ‘ස්වයං විශ්වාසනීය ඉන්දියාවක්’ ලෙස මෙවර අයවැය නම් කර ඇත.

මෙවර අයවැය ඉන්දියාවේ අනාගතයේ අත්තිවාරම ශක්තිමත් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේය.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තරකාරීත්වය වැඩිදියුණු කිරීම, අභි ලාශයන් ඉටු කිරීම, සෑම පවුලකටම ප්‍රජාවකටම හා කලාපයකටම සහභාගීත්වය සඳහා සම්පත් හා අවස්ථා ලබාගැනීම සහතික කිරීම මගින් ආර්ථික වර්ධන වේගය වේගවත් කිරීම ඇතුළු වගකීම් 3කින් මෙවර අයවැය සමන්විතය.

මෙවර ඉන්දීය අයවැයේ යෝජනා අතරට වෙනත් රටවල් සඳහා ආධාර යටතේ ඉන්දීය රුපියල් බිලියන 56.8ක් දක්වා මුදල් වෙන් කිරීම ඉහළ නංවා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4ක ඉහළ යාමකි.

ඒ යටතේ ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් බිලියන 4ක මුදල් වෙන් කිරීමක් සිදුකර තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව තුනෙන් එකක් පමණ ඉහළ දැමීමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ දී මෙරට අසල්වැසියා ලෙස මෙන්ම පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දියාව කටයුතු කරයි. එහි ඉදිරි පියවරක් ලෙසයි මෙවර අයවැය මුදල් වෙන් කිරීම් සිදුකර ඇත.

අසල්වැසි රටවල් ලෙස බංග්ලාදේශයට වෙන් කෙරෙන මුදල අඩුකර ඇති අතර එය ඉන්දිය රුපියල් බිලියන 1.2 සිට මිලියන 600 දක්වා අඩුකර තිබේ.

භූතානය ඉන්දියාවෙන් ආධාර ලබන විශාලතම රට වන අතර එරටට වෙන් කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 22.8ක් එමෙන්ම නේපාලය සඳහා ඉන්දීය රුපියල් මිලියන අටක් හා මාලදිවයිනට ඉන්දිය රුපියල් බිලියන 5.5ක් ලෙස වෙන් කර ඇත.

තවද ඇෆ්ගනිස්ථානයට ඉන්දීය රුපියල් බිලියන 1.5ක්ද, මියන්මාරයට ඉන්දීය රුපියල් බිලියන 03ක්ද, අප්‍රිකානු රටවලට ඉන්දීය රුපියල් බිලියන 2.25ක්ද ලතින් ඇමෙරිකානු ප්‍රතිපාදන ලෙස ඉන්දිය රුපියල් බිලියන 1.2ක් හා යුරේසියානු රටවල් සඳහා ඉන්දිය රුපියල් මිලියන 38ක් දක්වා මුදල් වෙන්කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com