රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනයට උපදේශන සභාවක්
රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනයට උපදේශන සභාවක්
කර්මාන්ත සහ ව්‍යවවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 26 අතරින් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත උපදේශන සභාවට සාමාජිකයින් පත් කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා දින(29) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයින් 25 දෙනෙක්ගෙන් මෙම උපදේශන සභාව සමන්විතය.
එහි සභාපතිවරයා ලෙස ඉසබෙලා පුද්ගලික සමාගමේ හා සරසවි export පුද්ගලික සමාගමේ කළමනාකරන අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා මහතා පත්විය. වසර දෙකක කාලයක් සඳහා පත්කරනු ලැබූ මෙම උපදේශන සභාව මගින් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබයි.
නව සභාපතිවරයා ප්‍රමුඛ උපදේශණ සභාවේ අනිකුත් සාමාජිකයන් සමඟ මෙම කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී සාකච්ඡා කළ අතර මෙම කර්මාන්තයට අදාළව මේ වනවිට පවතින ඉඩම් සපයාගැනීම, ශ්‍රමිකයින් ලබා ගැනීමේ අපහසුව, ප්‍රතිපත්තිමය ගැටළු, අමුද්‍රව්‍ය ගැටළු, අපනයන ආශ්‍රිතව ඇති ගැටළු පිළිබඳව සාමාජිකයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. දේශීය රෙදි පිළි හා ඇඟළුම් කර්මාන්තකරුවන්ගේ ආරක්ෂාව සඳහා සෙස් බද්ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී කර්මාන්තකරුවන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.
මෙම කර්මාන්ත ක්ෂේත්‍රය මිලියන 1.2ක සෘජු රැකියා ප්‍රමාණයක් සපයන, මිලියන 4ක පමණ අති විශාල පිරිසක් යැපෙන, ලංකාවට විශාලම විදේශ විනිමය ප්‍රමාණයක් රැගෙන එන ක්ෂේත්‍රයක් ලෙස වඩාත් වැදගත් වන බවත් එම නිසා මෙම ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැවසීය.




