සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවට

0
සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවට

සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවට

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා (29) සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී සිවිල් ආරක්ෂක බලකායේ වර්තමාන කාර්ය භාරය, එම බලකාය විසින් සිදුකරනු ලබන රාජකාරි කටයුතු මෙන්ම රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා විසින් සොයා බැලීය. එමෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ පවත්නා අඩුපාඩු හඳුනාගෙන, ඒවාට යථා විසඳුම් ලබා දීම සඳහා අවධානය යොමු කරන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ, වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම, මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බලකායෙන් භටයන් 10,000ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද සිවිල් ආරක්ෂක බලකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com