‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 728ක් අත්අඩංගුවට

0
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 728ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 728ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සඳුදා (26) දිනයේ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 728 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (27) නිකුත් කළ දෛනික වාර්තාවේ මේ බව සඳහන් වේ.

මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, වැටලීම් මෙහෙයුම් පුළුල් කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම යන අරමුණු යටතේ මෙම ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙයි.

අදාළ වාර්තාවට අනුව, මෙහෙයුම යටතේ සැකකරුවන් 09 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 498ක් සිදුකර තිබේ.

එම වැටලීම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 767ක් පොලිස් භාරයට ගෙන ඇති බවද සඳහන් වේ.

ඊට අමතරව, පුනරුත්ථාපනය සඳහා එක් සැකකරුවෙකු යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com