දළදා මාළිගාව පවත්වාගෙන යන්න කෝටි 150ක් අවශ්‍යයි – දියවඩන නිලමේ
දළදා මාළිගාව පවත්වාගෙන යන්න කෝටි 150ක් ඕනේ – දියවඩන නිලමේ
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 150ක ආදායමක් වර්ථමානය වන විට අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ,ඉකුත් සිකුරාදා (23) දින පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැති ‘මෙහෙවරට බුහුමන්’ වැඩසටහනට එක්වෙමින්.
ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක පමණ ආදායමක් උපයා නොගත්තොත් මාළිගාවේ වගකීම් සහ කාර්යභාරයන් ඉටු කිරීම අපහසු වන බවත්, එය මෙම වසරේ පවතින ප්‍රබල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා සඳහන් කළේ,
“2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕනේ. ඒ නිසා අපි දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. මොකද සේවක සුබ සාධනය, සේවකයෝ වගේම දළදා මාළිගාව තුළින් ඉටුකරන හා ඉටුකළ යුතු කාර්යභාරයන් ඉටුකරන්න අපට වගකීමක් පැවරිලා තියෙනවා.”




