වසන්ත මුදලිගේට වරෙන්තු
වසන්ත මුදලිගේට වරෙන්තු
කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේදී සැකාකර වසන්ත මුදලිගේ යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් වි තිබේ.
ඩී.එම්. චාමික අසේල, ජේ.ඒ. ජුඩ් ක්‍රිශාන්ති, ඩබ්ලිව්.එම්. යශෝද් ලක්ෂාන්, ඩබ්ලිව්.කේ. සමීර සම්පත්, එම්.එම්. රසික දිල්හාර, එස්.ඒ. ක්‍රිශාන්ත සුභසිංහ, ජනිත් ජනජය, සංජය හෙට්ටිමුල්ල හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන නවදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, රජයට විරැද්ධව කැරලි ගැසීම, නීති විරෝධී රැස්වීමක් විසිර යාමට නිත්‍යානුකූල බලධරයකු විසින් දැනුම් දී තිබියදීත් එම ස්ථානයේ රැදී සිටීම, අයුතු අවහිරය සිදු කිරීම, පෙළපාලියක් හෝ පෙරහැරක් පවත්වන බව පැය 06 කට පෙර නොදන්වා නීති විරෝධී රැස්වීමක් ආරම්භ කිරීම හා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම යන චෝදනා කිරිබත්ගොඩ පොලිසිය විසින් ඔවුනට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණා.
ඉකුත් 2025 වසරේ කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී එම සිසුන් නව දෙනා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබෙනවා.
නඩුව ලබන ජුනි මස 23 වැනිද තෙක් කල් තැබුණා.




